Headway Beginner Video 1 - Three Plus One



Video - click here

Helen:
This is my house. (මේ මගේ ගේ.)

It's not big, and it's not small. (ඒක ලොකුත් නෑ පොඩිත් නෑ.)

But I like it. (ඒත් මම ඒකට කැමතියි.)

Three people live here. (තුන් දෙනෙක් ජීවත්වෙනවා මෙහේ.)

This is Matt. (මේ මැට්.)

Matt: Hi. I'm Matt. (හායි, මම මැට්.)

Helen: This is David. (මේ ඩේවිඩ්.)

David: Hello. My name's David. (හෙලෝ, මගේ නම ඩේවිඩ්.)

Helen: And that's me. (සහ ඒ මම.)

Hi, Helen. (හායි. හෙලන්.)

Pleased to meet you. (හමුවීම සතුටක්.)

So, there are three people. (ඉතිං, තුන් දෙනෙක් ඉන්නවා.)

But there are four bedrooms. (ඒත් නිදන කාමර හතරක් තියෙනවා.)

So, today is interview day. (ඉතිං, අද තම‍යි සම්මුඛ පරීක්ෂණ දවස.)

David: What's your job? (මොකක්ද ඔයාගේ රැකියාව.)

Man 1: I'm a jazz musician. (මම ජෑස් සංගීතඥයෙක්.)

Matt: Really? (ඇත්තට?)

What do you play? (මොකක්ද ඔයා වාදනය කරන්නේ?)

Man 1: The drums. (ඩ්‍රම්ස්)

Woman 1: But he's very quiet, and friendly. (ඒත් එයා නිහඬයි හා මිත්‍රශීලීයි.)

No dogs? (බල්ලෝ ගන්නේ නැද්ද?)

Matt: Sorry. (සමාවෙන්න.)

Man 2: £ 150 a month? (මාසෙකට පවුම් 150 ක් ද?)

Great! (නියමයි.)

David: Er, no. (ආ .. නෑ.)

Helen: No. (නෑ.)

£ 150 a week. (සතියකට පවුම් 150 ක්.)

Sorry. (සමාවෙන්න.)

Helen: Where are you from? (ඔයා කොහෙන්ද?)

Woman 2: Edinburgh. (එඩින්බරෝ.)

But my job's in Oxford. (ඒත් මගේ රැකියාව තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් වල.)

Helen: Good. (හොඳයි.)

Woman 2: This is a nice house. (මේක ලස්සන ගෙයක්.)

Helen: Thanks. (ස්තුතියි.)

We're happy here. (අපි මෙහේ සතුටින් ඉන්නේ.)

OK? (හරි?)

OK, Anne, (හරි, ඈන්,)

Woman 2: Cigarette? (සිගරැට් එකක්?)

Helen: I don't smoke. (මම සිගරැට් බොන්නේ නෑ.)

We don't smoke, do we? (අපි සිගරැට් බොන්නේ නෑ නේද?)

Matt: Er, no. (ආ .., නෑ.)

David: We don't smoke. (අපි සිගරැට් බොන්නේ නෑ.)

Woman 2: Oh. (ඕ.)

Helen: Sorry. (සමාවෙන්න.)

Helen: This is terrible. (මේක හෙන අවුල්.)

Matt: Who's next? (කවුද ඊලඟට?)

David: Her name is Jane. (එයාගේනම ජේන්.)

She's number eight. (ඇය අංක අට.)

She's the last. (ඇය තමයි අන්තිම කෙනා.)

David: So, Jane, tell us about yourself. (ඉතිං ජේන්, අපට කියන්නකෝ ඔයා ගැන.)

Jane: Tell you what? (ඔයාලට මොනව කියන්නද?)

Matt: Anything. (ඕනි දෙයක්.)

Jane: I’m from Brighton. (මම බ්‍රයිට්න් වලින්.)

I’m a drama teacher. (මම නාට්‍ය ගුරුවරියක්.)

I don’t smoke. (මම සිගරැට් බොන්නේ නෑ.)

I like films. (මම ෆිල්ම් වලට කැමතියි.)

Good food. (හොඳ කෑම වලට කැමතියි.)

Helen: Good food? (හොඳ කෑම වලට කැමතියි.)

Jane: Yes. French, Italian, Chinese. (ඔව්. ප්‍රංශ, ඉතාලි, චීන.)

Matt: Do you cook? (ඔයා උයනවද?)

Jane: Yes. I’m a very good cook. (ඔව්. මම හොඳ කෝකියෙක්.)

David: Do you have a dog? (ඔයාට බල්ලෙක් ඉන්නවද?)

Jane: No. (නෑ.)

Matt: A cat? (පූසෙක්?)

Jane: No. (නෑ.)

Helen: No animals? (සත්තු නෑ?)

Matt: Do you play the drums? (ඔයා ඩ්‍රම්ස් ගහනවද?)

Jane: No. (නෑ.)

David: Trombone, violin, saxophone? (ත්‍රොම්බෝන්, වයලීන්, සැක්සෆෝන්?)

Jane: Nothing. (මොකුත් නෑ.)

Helen: That’s great. (නියමයි.)

Jane, it’s your room. (ජේන්, ඒ ඔයාගේ කාමරය.)

Jane: Fantastic! (නියමයි!)

David: When can you move in? (කවද්ද ඔයාට පදිංචියට එන්න පුළුවන්.)

Jane: Next week? (ලබන සතියේ?)

Matt: This week? (මේ සතියේ?)

David: Tomorrow? (හෙට?)

Jane: Sure. (අනිවාර්යෙන්.)

Helen: Welcome to 53, Black Wood Road. (පිළිගන්නවා බ්ලැක්වුඩ් පාරේ අංක 53 ට.)

Jane: Thank you. (ස්තුතියි.) Thanks a lot. (ගොඩක් ස්තුතියි.)

Helen: So, now there are four of us. (ඉතිං, දැන් අපි හතර දෙනෙක් ඉන්නවා.)

Comments

Popular posts from this blog

Headway Beginner Video 2 - A Home Movie